විදුහල්පති පණිවිඩය
බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසලට සමාජය වෙනුවෙන් සිදු කරනු ලබන මෙහෙවර වෙනුවෙන් ඊට ආශිර්වාද හා සුබ පැතුම් එක් කිරීමට ලැබිම.සතුටට කරුණකි.දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් හා ඔවුන්ගේ අනාගතයට අවැසි ශක්තීන් ලබා දීමට අවශ්‍ය පසුබිම ගොඩ නැගීමට විද්‍යාල සතු ශක්තීන් ගොනු කර මුදා හැරීමට ලැබීම සතුටකි.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයේ ලබා ඇති දියුණුව සතුටට කරුණකි. අප විද්‍යාලය සමග සම්බන්ද විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදි හා තොරතුරු හුවමරුවේදි මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි.
මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සදහා උරදුන් සැමට මගේ හෘදයාංගම ස්තුතිය පිරි නමන අතර දරු දැරියන්ගේ යග ගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යැයි ප්‍රාර්ථනය කරමි.
විදුහල්පති,
බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල