(+94) 552245624
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

  • Register
  • Login
D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • කැටපත්පවුර

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 70 වසරක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන බ / වියලුව ඩී එස් සේනානායක ජාතික පාසල 1952 වර්ෂයේ දී පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් තුළ ආරම්භ විය. සිසුන් පනස් දෙනෙකුගෙන් හා ගුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත වූ විදුහලේ පලමු විදුහල්පති වීමේ ගෞරවය ඩබ්ලිව් ඒබ්‍රහම් සිඤ්ඤෝ මහතාට හිමි විය.  

අක්කර අටක වපසරියකින් යුතු වූ අප විදුහල “බ / බත්මැඩිල්ල මහ විදුහල ” ලෙස හදුන්වන ලදී . එවකට අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ මූලිකත්වයෙන් බදුලුඔය ජනපද ව්‍යාපර ආරම්භ වීමත් සමග 1986.057.12 බ/බත්මැඩිල්ල  මහ විදුහල  බ/ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය නමින් වෙනස් විය.ඒත්  සමඟම ක්‍රමයෙන් විද්‍යාලයේ සංවර්ධනය ද ආරම්භ විය. ඉන් පසු ස්ථිර ගොඩනැගිලි 2ක් එක් වූ අතර 1980 වර්ෂයේ දී දෙමහල් ගොඩනැගිල්ලක් ද ඉදි විය. ඒ සඳහා එවකට අධ්‍යාපන උප ඇමති සමරවීර වීරවන්‍නි මහතාගේ  අනුග්‍රහය හිමි විය. 1994.05.28 දින අප පාසල ජාතික පාසලක් බවට පත් වීමත් සමඟ එහි නම බ/වියළුව ඩී.එස්.සේනානායක ජාතික පාසල දක්වා වෙනස් විය.

                                                                                             කේ.බී.වාහල විදුහල්පති යුගය අප පාසලේ ස්වර්ණමය යුගයයි. ඒ සමයේ පැවති විදුහල්පති නිල නිවාසයට අමතරව තිබූ ගුරු නිවාස 03 ට තවත් ගුරු නිවාස 10 ක් එක් විය. අද්‍යාපනය, ක්‍රීඩාව, සෞන්දර්ය තුළින් ඉදිරියටම ගිය අප විදුහල වියළුව කලාපයේ පෙරමුණ ගෙන තිබුණි. කළුතර උපාධිධාරී ගුරුවරුන් පැමිණීමත් සමඟ ඇති වූ අධ්‍යාපන ප්‍රබෝධය නිසා අධ්‍යාපනය ලැබීමට අති විශාල සිසුන් ප්‍රමාණයක් දනුම සොයා අප විද්‍යාලයට පැමිණියහ. පස්සර, බිබිල, මිනිපේ, බණ්ඩාරවෙල  ආදී ප්‍රදේශවලින් සිසුන් පැමිණීමත් සමඟ ශිෂ්‍ය නේවාසිකාගාරයක් ද ඉදි කිරීමට සිදු විය. එවකට අධ්‍යාපන අමාත්‍ය, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප පාසලේ දියුණුවට කළ සේවය අමිල ය.

                                                                                                  බාලදක්ෂ ඒකකය , පෙරදිග  අපරදිග බාලක,  බාලිකා තූර්‍ය වාදක කන්ඩායමකින් එකල විදුහල සමන්විත විය. 1 සිට 13 ශ්‍රේණි දක්වා අධ්‍යාපනයක් අප පාසලේ පැවතුණි. 13 ශ්‍රේණි සඳහා විද්‍යා, ගණිත, කලා යන සියල්ල ම පැවතුණී. පාසල් විනය පවත්වාගෙන යාමට කරුණාපාල ද සිල්වා මහතා යටතේ විනය කමිටුවක් ද පත් කර තිබුණි.

                                      1969 වර්ෂයේ දී සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ සමයේ කාලයේ දී පාසලට නිල ඇඳුමක් හඳුන්වා දුන් අතර සුදු කමිසය හා කාකි කලිසමෙන් එය සමන්විත විය. 1980 වර්ෂයේ දී නොමිලේ පෙළ පොත් බෙදා දීම ද ආරම්භ විය. සිංහල සාහිත්‍ය සමිති, නිවාසාන්තර ක්‍රීඩා, සෞන්දරය වැඩසටහන්, වර්ෂ අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවයන් පවත්වා තිබේ.

1950 වර්ෂයේ දී පාසල් දිවා ආහාරය ලෙස ඇමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස කිරි වීදුරුවක් හා බනිස් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. හැට වන දශකයේ දී බිස්කට් ලබා දීමේ වැඩසටහනක් ද 80 දශකයේ දී ශිෂ්‍ය දිවා ආහාර මුද්දර ක්‍රමය යටතේ සමූපකාර මගින් සිසුන්ට ආහාර ලබා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වී ඇත.

ආරම්භ කළ වර්ෂය

1952.03.09

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

05

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

50

මුල් ගුරුතුමාගේ නම

ආර්.එම්.පුන්චි බන්ඩා

පාසලේ ආදි කතෘගේ නම

ඩී.එම්.ලොකු බණ්ඩා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බ/බත්මැඩිල්ල මහා විදුහල

පාසල භාරව කටයුතු කිරීම

ඩබ්ලිවූ.ඒබ්‍රහම් සිඤ්ඥෝ

පාසල රජයට පවරාගත් දිනය

1980.05.10

පාසල පැවැත්වූ ස්ථානය

අංක 133 වියලුව මැතිවරණ කොට්ටාසයේ බත්මැඩිල්ල ගොවි ජන පද ව්‍යාපාරයේ කන්දකැටිය ගම්මානයේ පැරණි පොල් අතු සෙවිලි කල ගොඩනැගිල්ලක

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඩී.එම්.රන්බංඩා 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එම්. පොඩිමැණිකා

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1952.03.10 දින

අපේ යටගියාවෙන් බිඳක්

 

  • 1952.07.28 - අංක B = 316 මුද්දර ඉතිරි කිරීමේ කණ්ඩායම ඇරඹිම.
  • 1952.02.15- වැසී ගිය බත්මැඩිල්ල ආදර්ශ ගොවිපළේ පූට්ටු ගෙවල් ගුරු නිවාස ලෙස ලබා දීම.
  • 1952.10.01-බනිස් ලබා දීම ඇරඹීම.
  • 1960.09.14-පාසල් ලිද සෑදීම.
  • 1964.09.14-ජල නල මගින් මෝටර් කර ජලය ලබා ගැනීම.
  • 1964.01.08-කනිෂ්ඨ අංශයේ වෙන්කර එච්.එම් දිසානායක ගුරු මහතාට වගකීම පැවරීම.
  • 1976.01.23-world vision ආයතනය අනුග්‍රහය ලබාදුන් ජීව වායු ඒකක ස්ථාපනය කිරීම.
  • 1980.05.10-පාසල් දෙමහල් ගොඩනැගිල්ල ගෘහ විද්‍යාගාරය සංවර්ධනය ඒකකය දෙව්නුවර මන්ත්‍රී මුදල් හාක්‍රම සම්පාදන මාධ්‍ය රොනී ද මැල් මැතිතුමා විසින් විවෘත කිරීමබත්මැඩිල්ල මහා විදුහල්පති නාමය බ/ වියළුව මධ්‍ය මහා විද්‍යාලය බවට උසස් කිරීම,
  • 1980.05.29-ගුරු නිවාසයේ තිබූ පාසල් කාර්යාලය දෙමහල් ගොඩනගිල්ලක් ඉදි කිරීම.
  • 1980.01.10-නොමිලේ පෙළ පොත් බෙදා දීමේ උත්සවය පැවැතීම.
  • 1983.11.02-බුදු මැදුරේ ගෙපළ කැපීමට ඇරඹීම (9 AB ණී විසින්)
  • 1986.07.12-අධ්‍යාපන ලේකම්තුමාගේ අංක 3 / පී.එම්.ඩී.ආර්.එස්./ 2/12/03 හා 1985.12.16 දරණ ලිපිය අනුව විදුහලේ නම බ/ ඩී. එස්. සේනානායක ම්ද්‍ය මහා විද්‍යාලය නමින් නම් කිරීම.නම වෙනස් කිරීමේ නිල උත්සවය පැවැත්වීම හා පාසල් බදලිකා නේවාසිකාගාරය විව්‍රත්‍ර කිරීම , පේශකර්මාන්ත අමාත්‍ය කටාන ගරු මන්ත්‍රී විජේපාල මෙන්ඩිස් මැතිතුමා , ගරු නියොජ්‍ය අද්‍යාපන ඇමති සමරවීර වීරවන්ති / බදුල්ල දිසාපති පිහිල්ලේ ගෙදර මැතිතුමා / බණ්ඩාරවෙල ප්‍රාදේශීය  අද්‍යාපන අද්‍යක්ශ ස.මු. ජයතිලක මහත්වරුන්ගේ ප්‍රද්හානත්වයෙන් සිදු කිරීම.
  • 1994.05.28- ජාතික පාසලක් බවට නම් කිරීම
  • 2011.03.31- සදුනිකා , සන්ජීවනී දියණියන් 'මුතු වැස්සක් ' කාව්‍ය ග්‍රන්ථය එලි දැක්වීම.
  • 2011.04.07- පාසල් ශිශ්‍ය භට කන්ඩායම පාසල් ශූරතාවය දිනා ගැනීම.
  • 2013.05.02- 'පස්  පියුම් සිතුවම් දක්ම ' සිසු  ප්‍රදර්ශනය පවැත්වීම.
  • 2013.06.07- 2013 සමස්ත ලන්කා නර්තන තරගාවලියේ මංගල බෙර වාදන අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීම.
  • 2014.07 .21. - 2014 සමස්ත ලන්කා නර්තන තරගාවලියේ මංගල බෙර අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීම .  
D.S.SENANAYAKA M.V.

බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල

B/Viyaluva D.S. Senanayake National School

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/වියලුව ඩි.එස්.සේනානායක ජාතික පාසල කන්දකැටිය

: (+94)552245624

: (+94)552245624

: [email protected]

Supported By

© 2026 D.S.SENANAYAKA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk