පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිළ ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ වම් හා ඉහළ කෙළවර සම්බන්ධ කර සාක්කුව මත තිබිය යුතුය.
- අතෙහි කෙළවර වාටිය අගල් 2 1/2 ක් දුරින් සිටිය යුතුය.
- බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් තිබිය යුතුය.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
- නිල ඇදුම සදහා ඔරලෝසු පැළදීම සපුරා තහනම් ය.

පිරිමි ළමුන් (10-13)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
- කලු පැහැති ඉන පටිය පැළදිය යුතුය.
- සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
- කමිසයේ අත අගල් 4 ක් විය යුතුය .
- කමිසයේ සාක්කුව වම් පසින් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර එහි වට රව්ම 15 cm ක් විය යුතුය
- සපත්තු වර්ණය කලු පැහැව විය යුතු අතර පලදින මේස් කලු පැහැ විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13)
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා කොණ්ඩ කරල් දෙකක් ගොතා තිබිය යුතුය.
- පාසල් ලාංඡනය අතෙහි වාටිය මත තිබිය යුතුය.
- දණහිසට පහළ සීමාව මත ගව්මේ වාටිය පිහිටිය යුතුය.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
- කලු රිබන් භාවිතයෙන් කොන්ඩය ගැට ගැසිය යුතුය.
- වැලමිට පිටතට සීමාව දක්වා ගව්මේ ඉන පිහිටිය යුතුය.
- බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය
- නිල ඇදුම සදහා ඔරලෝසු පැලදීම සපුරා තහනම්‍ය.
