අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු
ඌව පළාතෙ බදුල්ල දිස්ත්‍රික්කයේ මනරම් වූ කදු පන්තීන්ගෙන්ද හරිත වර්ණයෙන් බබළන කෙත් වතු වලින්ද පිරිපුන් වූ ද කදු හෙල් ගල් තලා මතින් සුදට සුදේ පෙණ නන්වමින් ලතාවකට
ගලා බසිනා වූ බදුලුගං කොමලියගෙන් සොබාමානවත් වූ සශ්‍රීක ගම් පියසක් වූ කන්දකැටිය ගම් පෙදෙසේ බ/වියලුව ඩි.එස්.සෙනනායක ජාතික පාසල අභිමානවත්ව හා විරාජමානව බබළයි
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.














